ජීවන අහස.............
අරුණෝදයෙ රැස් සමඟ නැඟී
ආලෝකය දී මිහිර සැදී
අනෙක වළා වන් සමඟ බැඳී
ජීවිතයම නිල් අහස වැනී.
දෙරණින් මතුවුනු තුරු ලිය සොඳුරු
හිස් නිල් අහසට එසවෙන අයුරු
දැක සිත නැළවෙයි කවියකි මියුරු
ජීවිතයක මුල ඇරඹෙයි එයුරු.
නුඹ ගැබ සරසා වළා රැඟුවත්
විටකදි බියකරු අකුණු මැවුවත්
මිහිකත සනසා කඳුළු හෙලුවත්
සෙනෙහස නිම නැත දුකට හැඬුවත්.
පායා සඳ හිනැහෙයි රෑ අහසේ
කතා කරන තරු දිදුලයි රහසේ
සිනා නැඟූවත් ලොවටම රහසේ
අහසයි සැනසුම තනිවුනු දවසේ.
නිල් වන් අහසම වියපත් වීලා
රන් වන් පාටට හැර වුනු ලීලා
බලා සුසුම් ලමි දැක මේ මේලා
ජීවිතයම අපෙ අහසක් වීලා.
ආලෝකය දී මිහිර සැදී
අනෙක වළා වන් සමඟ බැඳී
ජීවිතයම නිල් අහස වැනී.
දෙරණින් මතුවුනු තුරු ලිය සොඳුරු
හිස් නිල් අහසට එසවෙන අයුරු
දැක සිත නැළවෙයි කවියකි මියුරු
ජීවිතයක මුල ඇරඹෙයි එයුරු.
නුඹ ගැබ සරසා වළා රැඟුවත්
විටකදි බියකරු අකුණු මැවුවත්
මිහිකත සනසා කඳුළු හෙලුවත්
සෙනෙහස නිම නැත දුකට හැඬුවත්.
පායා සඳ හිනැහෙයි රෑ අහසේ
කතා කරන තරු දිදුලයි රහසේ
සිනා නැඟූවත් ලොවටම රහසේ
අහසයි සැනසුම තනිවුනු දවසේ.
නිල් වන් අහසම වියපත් වීලා
රන් වන් පාටට හැර වුනු ලීලා
බලා සුසුම් ලමි දැක මේ මේලා
ජීවිතයම අපෙ අහසක් වීලා.