වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක පුංචි බොරැල්ල

2022 මාර්තු කලාපය

ජරාපි දුක්ඛා

සියපත සිය ලෙලෙන සුළඟට සැලි සැලියේ
විල මත විය හිරුගෙ රැස මැද දිලි දිලියේ
තරු රැස සඳ පිපෙන මොහොතක යලි යලියේ
පරවිය දිය මතට වැටුණිය විළි විළියේ

පැටි විය තුරුණු විය ගෙවමින් මහලු විය
වෙත විය ගොනුකරන ජර බිය ජනිත විය
සිය පිය දෙනෙත බොඳ විය හැට පිනුණු විය
නතුවිය දහම වෙත නෙතුපිය විවර විය

ඉපදුණු දා සිටම සියොළඟ දිරි ඇතුව
වැඩුණා සොබාදම් දිනිතිය හට නතුව
ඉටු වූවද නැත ද මොන දේ සිතු පැතුව
හෙමිහිට ගලයි දිවි ගඟ කවියකි ගෙතුව

දවසින් දවස, පැතු මුත් සැප අසමසම
නොසිතුව ලෙසට ගිලිහෙන බව දනිමි මම
උරුමයි වෙනස ඉපදුණ දා සිටම මෙම
කොතරම් දුරක් දිව්ව ද තව නොදැක ඉම
..........
මැණිකය කියා අහුලා කළු ගල් කැටය
රැවටුන බව දකින්නේ ඇස ඇති විටය
බුදු බණ නොඇසුනොත් ජීවිතයම මොටය
සසරෙහි ඉම විවර නිරවුල් මනසටය
View Poem