ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2024 ඔක්තෝබර් කලාපය

ජයග්‍රහණය

කඳුළු බිඳ වූ මුතු ඇටය දැන් යළිත් ඇස් ඇර බලාවී
දන නුවන නැගි කඳුළු පිසලන දිනය විගසින් ළඟාවී
රටම වැනසූ අමන නයු රැළ බියෙන් තැතිගෙන මුවාවී
රටම පිබිදෙන අලුත් යුගයක හිරු කිරණ ඇත උදාවී

හොර බොරුව නැති සොඳුරු මිනිසෙක් රටේ ජනපති වූ වගයි
දුකින් පීඩිත දිළිඳු ජන මුව සිනා කැන් පැතුරුණු වගයි
යුව දනන්ගේ අරගලය මල්ඵල දරා පිබිදෙන වගයි
රටක් හොළවන මහ පෙරළියක පෙර නිමිති දිස්වෙන වගයි

සිඩ්නි ,ඕස්ට්‍රේලියාව ,24/09/2024
View Poem