ජනවහරෙන් බිඳක්
ගෙඩි
********
ඔයගොල්ලන් දන්නවාද
ජන වහරේ එන
කියන්නෙ නැති ,ඒත් කියන
කට වාදම් ගැන
ගෙඩි හතකින් සමන්විතලු
සමාජෙ පවතින
මෙහෙම කියමි විස්තර කර
එය අසනුව මැන
ජනවහරේ නිතර කියයි
කෙං ගෙඩියක් ගැන
සමච්චලේ පිණිස මෙහෙම
කියනව තැන තැන
"තමුසෙ දන්න ඉටි ගෙඩියක්"
නිතර කණට එන
මං දන්නා කිසිම දෙයක්
නැතැයි කියන මෙන
සමච්චලේ පිණිස එහෙම
කිව්වට තැන තැන
එයම නොවේ වෙද කමකට
ගන්නා තතුදැන
ගවයන් ඇති කරන ගෙවල
දනී මේව ගැන
බලමු මෙන්න මෙහෙම ඒක
ලොව පර සිදු වන
ගවයන් හට හැදෙනවාය
වණ පිළිකා හෙම
කුර ගායට කට ගායට
බෙහෙත් දීමටම
අන්දර ගස් පස් පංගුව
අරගෙන සම සම
හොඳට කොටා පට්ටයකින්
පොට්ටනී බැඳ නිම
කතා නොකර හදා ඔතා
පට්ටයකින් එය
ලෙඩ වී ඇති සතාගෙ කර
එල්ලනවා මය
කරෙන් වැටෙන තුරු හොඳ නැත
ගලවන්නට බිය
මෙම කෙම් ක්‍රමයෙන් රෝ ගය
හොඳටම හොඳ විය
බදුල්ල
********
ඔයගොල්ලන් දන්නවාද
ජන වහරේ එන
කියන්නෙ නැති ,ඒත් කියන
කට වාදම් ගැන
ගෙඩි හතකින් සමන්විතලු
සමාජෙ පවතින
මෙහෙම කියමි විස්තර කර
එය අසනුව මැන
ජනවහරේ නිතර කියයි
කෙං ගෙඩියක් ගැන
සමච්චලේ පිණිස මෙහෙම
කියනව තැන තැන
"තමුසෙ දන්න ඉටි ගෙඩියක්"
නිතර කණට එන
මං දන්නා කිසිම දෙයක්
නැතැයි කියන මෙන
සමච්චලේ පිණිස එහෙම
කිව්වට තැන තැන
එයම නොවේ වෙද කමකට
ගන්නා තතුදැන
ගවයන් ඇති කරන ගෙවල
දනී මේව ගැන
බලමු මෙන්න මෙහෙම ඒක
ලොව පර සිදු වන
ගවයන් හට හැදෙනවාය
වණ පිළිකා හෙම
කුර ගායට කට ගායට
බෙහෙත් දීමටම
අන්දර ගස් පස් පංගුව
අරගෙන සම සම
හොඳට කොටා පට්ටයකින්
පොට්ටනී බැඳ නිම
කතා නොකර හදා ඔතා
පට්ටයකින් එය
ලෙඩ වී ඇති සතාගෙ කර
එල්ලනවා මය
කරෙන් වැටෙන තුරු හොඳ නැත
ගලවන්නට බිය
මෙම කෙම් ක්‍රමයෙන් රෝ ගය
හොඳටම හොඳ විය
බදුල්ල