ගොවියා
දිස්වෙන බුදු සමයෙ අරිඅට මගෙහි ඇති.
මස්සන සිවුරුපොට තුල කෙත් ඉමද වෙති
ලස්සන අහිංසක ජීවන ඔරුවෙ නිති
පැද්දෙන ගොවිය තුල සංකර සිරිත නැති.
මත්විෂ නොගෙන නිවහල් මිනිසෙකු ලෙසින.
අත සෙලවෙතොත් කට සෙලවන අයුර දැන
සිත්ලෙස පොල් කිතුල් මැද පැණි හකුරු දෙන
කප්රුක වගෙයි ගොවියා දැය පොවන පන.
කුලු මීහරක් කොටි වලසුන් රජ කරන.
පරිසරයක ඉදන් මහ රැය ගත කරන
දහවල අව්වෙ කරවී දහදිය හෙලන
ගොවියා නිසයි සුරැකෙන්නේ සත දෙරන
දල්ලක් අවුලමින් ගොන්නක් පුරවන්නේ.
කෙල්ලක් ඉල්ලමින් කොල්ලෙක් සරසන්නේ.
කුල්ලක් සොල්ලමින් බොල් අස් කරවන්නේ.
අල්ලක් වපුරමින් මල්ලක් ගෙට ගන්නේ.
කරදිය වලලු ලෙස මිරිදිය වැව් බඳින.
ගස්වැල් සිටුවමින් ජල උල්පත් රකින.
මුඩුබිම් සකසමින නිල්වන් කෙත් වවන.
ගොවියා දෙවියෙක්ය රට ජාතිය රකින.
පින්නවල
බලංගොඩ
මස්සන සිවුරුපොට තුල කෙත් ඉමද වෙති
ලස්සන අහිංසක ජීවන ඔරුවෙ නිති
පැද්දෙන ගොවිය තුල සංකර සිරිත නැති.
මත්විෂ නොගෙන නිවහල් මිනිසෙකු ලෙසින.
අත සෙලවෙතොත් කට සෙලවන අයුර දැන
සිත්ලෙස පොල් කිතුල් මැද පැණි හකුරු දෙන
කප්රුක වගෙයි ගොවියා දැය පොවන පන.
කුලු මීහරක් කොටි වලසුන් රජ කරන.
පරිසරයක ඉදන් මහ රැය ගත කරන
දහවල අව්වෙ කරවී දහදිය හෙලන
ගොවියා නිසයි සුරැකෙන්නේ සත දෙරන
දල්ලක් අවුලමින් ගොන්නක් පුරවන්නේ.
කෙල්ලක් ඉල්ලමින් කොල්ලෙක් සරසන්නේ.
කුල්ලක් සොල්ලමින් බොල් අස් කරවන්නේ.
අල්ලක් වපුරමින් මල්ලක් ගෙට ගන්නේ.
කරදිය වලලු ලෙස මිරිදිය වැව් බඳින.
ගස්වැල් සිටුවමින් ජල උල්පත් රකින.
මුඩුබිම් සකසමින නිල්වන් කෙත් වවන.
ගොවියා දෙවියෙක්ය රට ජාතිය රකින.
පින්නවල
බලංගොඩ