මාලිනී වික්‍රමනායක - කොළඹ

2021 නොවැම්බර් කලාපය

ගෙවත්ත

අපහට සෙවණ රැකවරණය දෙන මෙලෙස
සහනය,සතුට සොයමින් යන මගෙ මනස
කොතැනක කොහි ගියත් සොයනා මගෙ නිවස
මට සම්පතකි මගහරිනා මගෙ වෙහෙස

මම ළමයෝ මින් අඹයක් නොපතන්නේ
එස්.මහින්ද හිමි කවි පද සිහිවන්නේ
අපෙන් පසුව එන අය ගැන සිතමින්නේ
සිටවූ තුරු සම්පතින් සතුටකි එන්නේ

සඳ පායලා අඹගස් අස්සෙන් පෙනුනා
සඳරැස් වැටී මගෙ මුලු වත්තම දිලුනා
ගතසිත දෙකට එකවර සිසිලක් දැනුනා
දහමට සොබා කලහැකි අරුමය හැඟුනා

වවුලන් තටු ගසයි ඉගිලෙයි හැම පැත්තේ
රැහැයි හඪට නම් නැවතීමක් නැත්තේ
සීතල සුළං රැල්ලක් ගත සිප ගත්තේ
මොනවට සුන්දරද රැය මේ ගම් පැත්තේ

දරුවන් ගොස් ඇතත් දුරරට පළාතක
සතුටින් ඇති නමුත් නැතිවා නොවේ දුක
තනිකම කාන්සිය නොව හුදකලාවක
විඳ ගමි දිවිය තතු සඟවා සිනාවක
View Poem