ගැහැණිය..
ගැහැණිය ගෙදර හැමතැන අගු පිලට වෙලා
දුක් කම්කටොළු මැද ඈ දිවියත් පුදම කලා
දරුවන් ගැනම හිත හිත ඇය කඳුළු සලා
ඉවසයි නිතර ගෙරවුම් හැම ලගදි හෙලා
පතිනිය වෙලා ආ දවසෙම ඇය ගෙදරට සිර කාරී
සඳ තරු නැතත් වතු පිටි වල පිපී මල් වැනි හැඩ කාරී
වැහි කළු බරව ආ දවසට විසදුම් දුන් මුල් කාරී
සිහියට නැගෙනවද අදවත් ඈ අපගෙ පිං කාරී
සෙනෙහස නැතත් ගැහැනිය සැප දිවිය කරා
කාලය ගෙවයි මහපොළවත් ඔළුවෙ දරා
ඇහුවත් එදා බෝසත් කවි සිහියෙ නුරා
ඉන්නවා අදත් බොහො අය වැනි යශෝදරා
දුක් කම්කටොළු මැද ඈ දිවියත් පුදම කලා
දරුවන් ගැනම හිත හිත ඇය කඳුළු සලා
ඉවසයි නිතර ගෙරවුම් හැම ලගදි හෙලා
පතිනිය වෙලා ආ දවසෙම ඇය ගෙදරට සිර කාරී
සඳ තරු නැතත් වතු පිටි වල පිපී මල් වැනි හැඩ කාරී
වැහි කළු බරව ආ දවසට විසදුම් දුන් මුල් කාරී
සිහියට නැගෙනවද අදවත් ඈ අපගෙ පිං කාරී
සෙනෙහස නැතත් ගැහැනිය සැප දිවිය කරා
කාලය ගෙවයි මහපොළවත් ඔළුවෙ දරා
ඇහුවත් එදා බෝසත් කවි සිහියෙ නුරා
ඉන්නවා අදත් බොහො අය වැනි යශෝදරා