ලලනී ගීකියනගේ - රත්නපුර

2024 ඔක්තෝබර් කලාපය

ගැලවීම....🙏

නිමාකර පරඬැලින් හැඩකරපු දඩබිම..!
ගේ කුරුළු සැමියාට වැරදුනේ සෙයිලම..!
දිගේලිව ගිය හරක් හැරුනාට සවසම.. !
රැහැන් දිග නොමැතිදා ගස මුලම ආයෙම..!

සඳක් කුමටද අහස කළුවරේ නැත්නම්...?
විලක් හැඩ වෙනවාද තඹුරු නොපිපේනම්..?
සනුහරේ බැඳ තියපු රැහැන ගිලිහේනම්..?
අදත් නොව හෙටත් පැරදේවි උරුමයනම්...?

සිතින් අල්ලා ගැනුම නොහොබිනා කමකී...!
ගතින් දුරු කෙරුම ඉඩ ලබාගත් ඇමකී...!
තදින් තත් පිරිමදින වෙණ මියුරු සරකී..!
ඉතින් ගැලවියන් සකි දිවිය ගිණි ගොඩකී..!

25.09.2024
View Poem