ගැරඬිඇල්ලේ විලාපය - ජයන්තා පී මිහිඳුකුලසූරිය
තාත්තගෙ සොහොන ලඟ
මල් නෙලන පොඩි පුතෙක්
කඳුළු කැට පිසලමින්
මල් නෙලන පොඩි පුතෙක්
හැමදාම හැන්දෑවෙ
සීනිබෝල ත් අරන්
තාත්තා ආව හැටි
සිහිකරයි පුතු තවම
කඳුළු කැට හිරකරන්
අම්ම ඉකිබිඳිනවා
නංගි තව අඬනවා
පිලේ. ඉඳගෙන සීයා
තවම මග බලනවා
වෙසක් දා අපි එක්ක
ඉන්න ඕනැයි කියල
එදා රෑ බස් එකට
තාත්තා නැග්ගාලූ
අම්ම කීවා අපිට !
එදා රෑ නින්දේදි
මං දැක්ක තාත්තා
සීනිබෝලත් අරන්
කටපුරා හිනැහිලා
මගෙ පුතේ කියාගෙන
මගේ ලඟටම එනව !
2025.5.24.
මල් නෙලන පොඩි පුතෙක්
කඳුළු කැට පිසලමින්
මල් නෙලන පොඩි පුතෙක්
හැමදාම හැන්දෑවෙ
සීනිබෝල ත් අරන්
තාත්තා ආව හැටි
සිහිකරයි පුතු තවම
කඳුළු කැට හිරකරන්
අම්ම ඉකිබිඳිනවා
නංගි තව අඬනවා
පිලේ. ඉඳගෙන සීයා
තවම මග බලනවා
වෙසක් දා අපි එක්ක
ඉන්න ඕනැයි කියල
එදා රෑ බස් එකට
තාත්තා නැග්ගාලූ
අම්ම කීවා අපිට !
එදා රෑ නින්දේදි
මං දැක්ක තාත්තා
සීනිබෝලත් අරන්
කටපුරා හිනැහිලා
මගෙ පුතේ කියාගෙන
මගේ ලඟටම එනව !
2025.5.24.