ගැමුණු රජුන් දා සිට ඇරඹුණු රුහුණු පුර.....
ගැමුණු රජුන් දා සිට ඇරඹුණු රුහුණු පුර
කඳසුරිඳු නමට වීදි සරන ඇසළ පෙරහැර.........
නිසිකල ලබන්නට නිසිලෙසින් වැසිපල
උවදුරු දුරලන්න ළඟාවන නෙක ගහපල
සුරනෙත යොමා ගන්නට කඳසුරිගෙ තෙදබල
පෙරහැර කරයි ලක්දන කතරගම ඇසළ
සුරිඳුන් කතරගම වඩිමින් මනුලොවට
“කප”ට අරක්ගෙන පෙරහැර කාලයට
සිටිනා බව සිතා බැතියන් පෙරසිට
පූජා වස්තුවක් ලෙස සලකයි “කප”ට
ඉරහඳ පවතිනාතුරු පෙරහැර කරනා අදිටනින්
ඉරහඳ ධජ සමඟින් සේසත් පෙරටුකරන්
දිසාධජ හා බොදු ධජ ගෙන හද බැතිසිතින්
පෙරහැර කතරගම සරසයි මෙලක දනන්
නැටුමෙන් සබරගමුව උඩරට සහ පහතරට
වැයුමෙන් අතත විතත විතාත ඝන සුසිරයට
ගැයුමෙන් කවි ගී නෙක නෙක තාලයට
බැතියෙන් ඔද වැඩී එක්වී යයි පෙරහැරට
කළගෙඩි, නෙළුම්, කුළු නැටුමට ළඳුන් නටන්නේ
සවරම්, චාමර, වේවැල් නැටුමෙන් රටා මවන්නේ
පතුරු නැටුම, වඩිග පටුන, හත්පදය කියන්නේ
කාවඩිනැටුමට මෝලන් නද සපයන්නේ
විජිතපුරයෙ සටන දිනා පැමිණි රජු එදා
කදිර සුරිඳු අණින් දෙවොල දුන්නෙ සදා
ඉරහඳ පවතිනා තුරුම පෙරහැර කරවන්න සදා
අණකල දුටු ගැමුණු රජුන් වඩමවයි මෙදා
අභිමානෙන් දෙව් අභරණ වඩම්මවා පෙරහැරෙ යන්න
ගිජිඳුන් පෙළ පෙළින් පෙළට සැරසෙයි ඔන්න
වසර ගණන් “වාසනාව” කළ මෙහෙවර සිහියට ගන්න
කඳසුරිඳුගෙ පිහිට පතා බැතියෙන් සිත් පුබුදාගන්න
කඳසුරිඳු නමට වීදි සරන ඇසළ පෙරහැර.........
නිසිකල ලබන්නට නිසිලෙසින් වැසිපල
උවදුරු දුරලන්න ළඟාවන නෙක ගහපල
සුරනෙත යොමා ගන්නට කඳසුරිගෙ තෙදබල
පෙරහැර කරයි ලක්දන කතරගම ඇසළ
සුරිඳුන් කතරගම වඩිමින් මනුලොවට
“කප”ට අරක්ගෙන පෙරහැර කාලයට
සිටිනා බව සිතා බැතියන් පෙරසිට
පූජා වස්තුවක් ලෙස සලකයි “කප”ට
ඉරහඳ පවතිනාතුරු පෙරහැර කරනා අදිටනින්
ඉරහඳ ධජ සමඟින් සේසත් පෙරටුකරන්
දිසාධජ හා බොදු ධජ ගෙන හද බැතිසිතින්
පෙරහැර කතරගම සරසයි මෙලක දනන්
නැටුමෙන් සබරගමුව උඩරට සහ පහතරට
වැයුමෙන් අතත විතත විතාත ඝන සුසිරයට
ගැයුමෙන් කවි ගී නෙක නෙක තාලයට
බැතියෙන් ඔද වැඩී එක්වී යයි පෙරහැරට
කළගෙඩි, නෙළුම්, කුළු නැටුමට ළඳුන් නටන්නේ
සවරම්, චාමර, වේවැල් නැටුමෙන් රටා මවන්නේ
පතුරු නැටුම, වඩිග පටුන, හත්පදය කියන්නේ
කාවඩිනැටුමට මෝලන් නද සපයන්නේ
විජිතපුරයෙ සටන දිනා පැමිණි රජු එදා
කදිර සුරිඳු අණින් දෙවොල දුන්නෙ සදා
ඉරහඳ පවතිනා තුරුම පෙරහැර කරවන්න සදා
අණකල දුටු ගැමුණු රජුන් වඩමවයි මෙදා
අභිමානෙන් දෙව් අභරණ වඩම්මවා පෙරහැරෙ යන්න
ගිජිඳුන් පෙළ පෙළින් පෙළට සැරසෙයි ඔන්න
වසර ගණන් “වාසනාව” කළ මෙහෙවර සිහියට ගන්න
කඳසුරිඳුගෙ පිහිට පතා බැතියෙන් සිත් පුබුදාගන්න