ගලා යන දිය අහුරක්මය ප්‍රේමය
එක තැනක නොරැඳි
ගලා යන දිය දහරද
ප්‍රේමය ම වේ
සුමටව බදා වැළඳ සිප
මහ පොළොවක් දරා ගැනීමද
ප්‍රේමය ම වේ
මහා විසාල ගැඹුරු අගාධ
හතර මායිමක් සීමාවක් නොමැති
ධාරානිපාත වර්ෂාවක වුවද
රහස් එක පොදියට එක්කහු කොට
කාටවත් නොකියාම
පොළොවටත් නොරිද්දාම
වැගිරෙනා ගැහැනු හදවතක්මය
ගලා යන දිය අහුරක්මය ප්‍රේමය
පොඩි වට රවුමක් කැරකී
කොක් හඬ ලා සිනාසී
හුරතලයක් මවමින් දඟයක් දමමින්
ඇඟිලි තුඩු අගින් කඩිමුඩියේ පැන
සියොළඟ හංකිති කවමින්
බදා වැළඳ හදිසියේ සිප ගන්නා
ගලා යන දිය අහුරක්මය ප්‍රේමය
රැළිති හදමින් නටනා
ඉවුරක් කඩා බිඳ හිනැහෙන
නිදහසේ සුව විඳිනා
විඳ විඳ දඟ වැඩ කරනා
ලයාදර පිරිමැදුමකි
ගලා යන දිය අහුරක්මය ප්‍රේමය
විශ්වයක් පුරවනා හැඟීමක්
පොළොවක් දරා ගන්නා දියකඳක්
ලෝකයක් පුරවනා නිමේෂයක්
ප්‍රේමයම පුරවා ගලා යන ගෑනු හිතත්
කිසිවක්ම නොඉල්ලන දිය දහරක්
ගලා යන දිය දහරද
ප්‍රේමය ම වේ
සුමටව බදා වැළඳ සිප
මහ පොළොවක් දරා ගැනීමද
ප්‍රේමය ම වේ
මහා විසාල ගැඹුරු අගාධ
හතර මායිමක් සීමාවක් නොමැති
ධාරානිපාත වර්ෂාවක වුවද
රහස් එක පොදියට එක්කහු කොට
කාටවත් නොකියාම
පොළොවටත් නොරිද්දාම
වැගිරෙනා ගැහැනු හදවතක්මය
ගලා යන දිය අහුරක්මය ප්‍රේමය
පොඩි වට රවුමක් කැරකී
කොක් හඬ ලා සිනාසී
හුරතලයක් මවමින් දඟයක් දමමින්
ඇඟිලි තුඩු අගින් කඩිමුඩියේ පැන
සියොළඟ හංකිති කවමින්
බදා වැළඳ හදිසියේ සිප ගන්නා
ගලා යන දිය අහුරක්මය ප්‍රේමය
රැළිති හදමින් නටනා
ඉවුරක් කඩා බිඳ හිනැහෙන
නිදහසේ සුව විඳිනා
විඳ විඳ දඟ වැඩ කරනා
ලයාදර පිරිමැදුමකි
ගලා යන දිය අහුරක්මය ප්‍රේමය
විශ්වයක් පුරවනා හැඟීමක්
පොළොවක් දරා ගන්නා දියකඳක්
ලෝකයක් පුරවනා නිමේෂයක්
ප්‍රේමයම පුරවා ගලා යන ගෑනු හිතත්
කිසිවක්ම නොඉල්ලන දිය දහරක්