තුෂාරි ජයසිංහ මහනුවර

2025 ජුනි කලාපය

ගමනාන්තය

දුටුවෙමි කඳු මුදුන්
ගත දැවටි සුදු සේල උනනා
කෙත් වසා වැතිරී
ඒ සේල වැළපී හැඬුවා
නිල් තුරු වදුලු සිප
හිරු කිරණින් නහවා
ආ ගිය මතක
කුරු මිනිසුන් සේ පෙනුණා

දහසක් කරුණු සඟවාගෙන
බෑවුමක
පිරිපුන් දිය දොලක් ගැලුවා
පහලකට
හිරි පොද ඉහෙන විට
මහ ගල් තලාවට
නොදැනී කොහොම
සීතල මහ දවාලක

පසුවන ගමක් ගානේ
සුන්දර මතක
තැන තැන තැබිමි සඟවා
යළි නොගන්නට
ආ ගිය මගක තැවරී ඇති
සුවඳ පොද
දැණුනොත් ලිහා බලනට
හැකිවෙයි දිනෙක

බිඳී ගිය සිතක පොඩි කැබලිති අලවා
අත ගා පළුදු පිරිමැද හසකැන් සඟවා
අනිමිස ලෝචනය දෙනෙතට හුරු කරවා
එමගෙහි යළිත් මම නම් තනිවම ආවා


2025.05.04.
View Poem