ගමට ඇවිත්
සීත හිමගිර සීත නොදැනෙයි මල් සුවද මුදු සුලග ගෙන එයි
මලින් එරබදු ලෙලෙන විට දස අතම හැඩකොට සිත් පිනායයි
හීන් ස්වරයෙන් දුරින් එන ඒ රබානේ හඩ සවන පිනවයි
කාලෙකට පසු පිනක් ලැබිලා විදින්නේ බක් මහේ සිරියයි
කනට සුමිහිරි ගීත නාදය ඇහෙනවා කාලෙකට පස්සේ
සුමුදු සුළගේ පහස දැනෙනවා ඇවිද යනවයනවිට මිදුල පැත්තේ
බලන විට නෙතු අයා කොවුලා වසා ඇත ලොකු ගහක අත්තේ
බක් මහත් ලග ලගම එන බව තමයි ඒ පවසන්න ඇත්තේ
නොයෙක් රස පිරි කැවිලි නැහැ දැන් හැදෙන්නේ පොඩි කාලේ වාගේ
නැකැත් ගනු දෙනු සිරිත් ඉටුවන්නේ නොමැත දැන් එදා වාගේ
කිරිබතක් පිසුවත් ඉතින් සිරිතට තබන්නට කෑම මේසේ
හිතක් නැහැ දල්වන්න පහනක් පියා නැති ඊ කෑම මේසේ