කොහොම ඉන්නද මේ බර දරාගෙන
දෙතන කිරි රබර් කර රබර් කට්ටිය කපන
තේ එකක රස නොදැන වත්තෙ තේ දළු නෙලන
බයිසිකල් එකක් නැතිවුනත් අධිවේග මඟ හදන
කුඹුරෙ වැඩ කළත් අඳයට පැටව් හාමතෙ නිදන
ගෑනුන්ගෙ මිනිසුන්ගෙ කඳුළු දාඩිය පෙරන
අර වලාකුළ...ටික ටික පාත්වී...
ඒ කඳුළු දාඩිය බිංදු බීගෙන බීගෙන බීගෙන
කළුම කළු පාටට ජල වාෂ්ප පුරවගෙන පුරවගෙන
අර ඈත කඳු මුදුන්වල හැපීගෙන හැපීගෙන
කඳුළු පෙරමින් අඬාගෙන අඬාගෙන අඬාගෙන
ඒ කඳුළු සේරම හලයි මහා වැස්සක් ලෙසින
ඝෝර හෙණ හඬ තලා මුරුගසන් වැස්ස මෙන
ඒ මහ වැස්ස.....
නායගිය මහ කඳුද ඉදිමුනු ගං හෝ ද
මූණ පුම්බා ගත්තු වැව් පිටි යටවුනු ගම්බිම්ද
ගසාගෙන ගිය ජීවිතද අඳෝනා වැළපිලිද
දසතින්ම විනාසය රැගෙන රුදුරු නාලාගිරි විලස
ඒත් ...වලාකුළ අඬ අඬා කියන්නෙ...
“ මං කොහොම ඉන්නද මේ බර දරාගෙන.”
තේ එකක රස නොදැන වත්තෙ තේ දළු නෙලන
බයිසිකල් එකක් නැතිවුනත් අධිවේග මඟ හදන
කුඹුරෙ වැඩ කළත් අඳයට පැටව් හාමතෙ නිදන
ගෑනුන්ගෙ මිනිසුන්ගෙ කඳුළු දාඩිය පෙරන
අර වලාකුළ...ටික ටික පාත්වී...
ඒ කඳුළු දාඩිය බිංදු බීගෙන බීගෙන බීගෙන
කළුම කළු පාටට ජල වාෂ්ප පුරවගෙන පුරවගෙන
අර ඈත කඳු මුදුන්වල හැපීගෙන හැපීගෙන
කඳුළු පෙරමින් අඬාගෙන අඬාගෙන අඬාගෙන
ඒ කඳුළු සේරම හලයි මහා වැස්සක් ලෙසින
ඝෝර හෙණ හඬ තලා මුරුගසන් වැස්ස මෙන
ඒ මහ වැස්ස.....
නායගිය මහ කඳුද ඉදිමුනු ගං හෝ ද
මූණ පුම්බා ගත්තු වැව් පිටි යටවුනු ගම්බිම්ද
ගසාගෙන ගිය ජීවිතද අඳෝනා වැළපිලිද
දසතින්ම විනාසය රැගෙන රුදුරු නාලාගිරි විලස
ඒත් ...වලාකුළ අඬ අඬා කියන්නෙ...
“ මං කොහොම ඉන්නද මේ බර දරාගෙන.”