විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

2024 අගෝස්තු කලාපය

කොහේ සිටියත්

පෙම් විකසිත පැරීසියේ සද එලියේ
මැද පෙරදිග, තනිය දැනුන ඉතාලියේ
හිරු නොබසින තැන, මෙල්බන් සැනකෙලියේ
එදා ඇසුනු ගී පමනයි ලග සිටියේ

අම්මා සිහිවී කදුලක් ගලත ඔහේ
මීවිත එසවෙන දුටුවිට එවුන් රැහේ
අමරදෙව් රදුන් මාලිනියන් ද ඇහේ
හීන හොයා ආ ගමනක කැලැල් වැහේ

වෙනස් උනත් දෙස, නැතුවත් කසී සලූ
දවස් ගෙවී දිවියේ ඉම උනත් කලූ
හද ගැහෙනා තෙක් ඉපදුන බිමෙන් නෙලූ
ගී මල් වල සුවද පමනි ගමන් මලූ
View Poem