කොන්දොස්තරගෙ මතක
සීටීබී තනි කාලේ තාත්තගේ අතේ එල්ලී සුදු කොට ගවුමක් ඇඳලා
පාසල් ගිය කෙල්ල
කරදඬු උස් වී එද්දී තාත්තාට අත වනලා තනියම මහ පාර පැනං බසයට නැඟි කෙල්ල
කැම්පස් ගිය කාලෙ පුරා සුදු උස කොල්ලෙක් එක්කල ඒසී බසයේ කෙළවර මුකුළු කරපු කෙල්ල
එක දරුවෙක් කුසේ දරන්
තව දරුවෙක් ඇකේ රුවන්
කළු මිටි මහතෙක් එක්කලා
ගමනක් ගිය කෙල්ල
කාර් එකක් ගත්ත කාලෙ
අපෙ බස් එක ඕවටේක් කරගෙන ඉදිරියටම ගිය ලොකු නෝනෙකි කෙල්ල
දවසක් දා අතරමඟදි
මූණෙ රැලි දෙකක් දැක්කා කණ්ණාඩියෙ පරණද මගෙ මං දන්නෑ කෙල්ල
මමත් බේත් ගන්න යද්දි
ඇයත් රෝහලේ හිටියා
හැරමිටියට වාරුවෙලා
පුදුමයි මට කෙල්ල
දවස දවස දැනී නොදැනි
කාලෙ කොහොම වෙනස් වුණත්
හිනාව නම් වෙනසක් නෑ
මට හිතෙන්නේ කෙල්ල
රෝද පුටුවෙ ඇවිද්දද්දි
කණුවක රුව ඇහැ ගැටුණා
සබ්බ පාහියන් කියලා
ඔබමද ඒ කෙල්ල
2025-02-01
Photo Credit; awazo.com