ලයනල් ගමගේ ඌරුමුත්ත

2024 ජනවාරි කලාපය

කුස - ලා - ණය

කෙනෙකු පරදා
කෙනෙකු දිනනා
තරඟයක වැද
වෙහෙසුණා

ලෝකෙ එක ගෙන
ශෝකෙ කොටසක
තියා පිටියෙන්
පිටවුණා

මේක බල බල
ගේක ඉඳගෙන
බෝලෙ ගෙදර දි
ඇහුලුවා

රූප පෙට්ටිය
කීප විටක දි
රටේ බඩු මිල
වැඩි කළා
View Poem