කුවේණියගේ නීතිඥයා •
තිවංක මන්දිරයේ
ගත කරමින් සත් දිනක්
ප්රහේලිකාවක හිස තබා
නිදිවරමින්
සැරිසැරුවෙමි
අතීත කාලයේහි
+++++++++
නෙත් නැති-මුව නැති
අවතාරයකි,
එක් පැතිකඩක්
සුදු හැඳි-සිල් ගත්
උවැසියකි
තව පැතිකඩක්
තුඟු රැලි නඟනා,
ශෘංගාරයේ ගංගාවකි
පෙම් වදන්-බිණූ මුවින්ම
නැඟෙයි-නොයෙක් ශාපයන්
කම්පා වෙමින් හද මඬල
ඉරි තලා දෙකඩ වෙයි
දරු දෙදෙනගේ නාමයෙන්
පිළිසරණක් යදින්නී
නීතියේ තුලාවෙහි
පයෝධර තබන්නී
කෙලෙස පිහිට වෙමි
ඈ හිමි රුදුරුය
මා මරා දමනු නියතය
ගෙල සිඳ අවියෙන්
ගිනි සිළුවකි ඈ ගත
සිහිවන විටම මා දවන
විසල් නෙත් බියකරු
සර්ප විෂ කැටිවුණ
රමණයම වේ මරණය
මරණය ද වේ රමණය
ඇදී යයි ඈ වෙතම
ගිගුම් දෙන-සිත් අහස
කළු වලාවෙන් පිරුණු
පැමිණිල්ලද, විත්තියද
අතර වූ කූඩුවක
සිරකරුවෙකි මා
කළු කබායෙන් සැරසි.
ගත කරමින් සත් දිනක්
ප්රහේලිකාවක හිස තබා
නිදිවරමින්
සැරිසැරුවෙමි
අතීත කාලයේහි
+++++++++
නෙත් නැති-මුව නැති
අවතාරයකි,
එක් පැතිකඩක්
සුදු හැඳි-සිල් ගත්
උවැසියකි
තව පැතිකඩක්
තුඟු රැලි නඟනා,
ශෘංගාරයේ ගංගාවකි
පෙම් වදන්-බිණූ මුවින්ම
නැඟෙයි-නොයෙක් ශාපයන්
කම්පා වෙමින් හද මඬල
ඉරි තලා දෙකඩ වෙයි
දරු දෙදෙනගේ නාමයෙන්
පිළිසරණක් යදින්නී
නීතියේ තුලාවෙහි
පයෝධර තබන්නී
කෙලෙස පිහිට වෙමි
ඈ හිමි රුදුරුය
මා මරා දමනු නියතය
ගෙල සිඳ අවියෙන්
ගිනි සිළුවකි ඈ ගත
සිහිවන විටම මා දවන
විසල් නෙත් බියකරු
සර්ප විෂ කැටිවුණ
රමණයම වේ මරණය
මරණය ද වේ රමණය
ඇදී යයි ඈ වෙතම
ගිගුම් දෙන-සිත් අහස
කළු වලාවෙන් පිරුණු
පැමිණිල්ලද, විත්තියද
අතර වූ කූඩුවක
සිරකරුවෙකි මා
කළු කබායෙන් සැරසි.