වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

2024 ජුලි කලාපය

කුජ හතේ

පන්ති බාර ගුරු තුමියගෙ නම වරුනී
ඔසරිය කොනෙන් පොලවේ දූවිලි පිසුනී
විලවුන් සුවද පන්තියෙ කොනටත් දැනුනී
කොතෙකුත් අපට යටි ගිරියෙන් බැන වැදුනී

දරුවන් කියන වචනය නම් නෑ ඇසුනි
මරුවන් කියා අමතන්නට හරි හපනී
ඉදහිට අකුරු කරවූවත් මිස් වරුනී
නිතරම ජනේලෙන් පිටියට නම් එබුනී

ක්‍රීඩා ගුරුතුමා ගැන ආලෙන් බැදුනී
ඒත් ඔහුගෙ ආලය නම් නැහැ ලැබුනී
මිසිස් වෙන්න බැරිවී හැටපහ පිරුනී
ගුරුත් පාසලෙන් ඇය පිටමන් කෙරුනී

ගොඩින් මඩින් දෑවැදි නැහැමින් තිබුනී
අටු කොටු උනත් යල මහ දෙකෙදිම පිරුනී
ඇහැට කනට පෙනෙනා රූව ඇති සොබනී
කුජත් හතේ හින්දා තනිවී මැරුනී
View Poem