කිවින් නුදුටුවෙ කෙ උවම් ?
(කවියන් නුදුටු උපමා තිබේ ද- (ඔවුන් සියලු උපමා දැක ඇත )
අලුත් උපමාවක් කියන්නට
වෑයම් කරමි තවමත්
මිහි තලයේ පෙනෙන තෙක් මානයේ
ගස් වැල් කඳු මිටියාවත් ගංගා ඇල දොළ වැව් පොකුණු
සතා සීපාවා විහඟුන් බමරුන් මැස්සන් කඩින් කූඹින් බිංකුංඩන්
කාගේ හෝ කවියක් සරසයි
කඳු හෙල් මිටියාවත් වැව් පොකුණු දිය ඇළි මහ සයුරු
අහස බලමි නැ කිසිවක් අලුත්
ඉර හඳ තරු වලාˎ මීදුම වැහි බිඳු පිණි බිඳු අකුණු කුණාටු සියල්ල ඉඳුල් වී
දෙව් බඹ සුර අසුර ලෝ නඳුනුයන අයිරාවණ පරසතුමල් පඬුපුල් අසුන්
සයුරු පතුළත්
මිණි මුතු රන් රුවන් සපිරි- මනහර නා මෙනෙවියන් මිණි වෙණ තත් පිරිමදින
දිය ගොඩ කිඳුරන් කිඳුරියන්
ගව් ගණන් දිග මහත ආනන්ද තිමිර පිංගල මහා මත්ස්‍යයෝ දිය බුං ගසති කවි සයුරේ
නොඉඳුල් කිසිවත් නැත - දෙව් බඹ අසුර ලෝ
විස්මිතයි කිවියර වැණුම් විසිතුරු ගව්ගණන් උස දෙව් බඹ සිරුරු සා පිපාසා නිදිමත
නොදැනෙන ඇසිපිය නොගසන -
ඒත් නොනිවෙන කුසගිනි ගත් -ප්‍රෙත පිශාච කුම්භාණ්ඩයෝ - අපේ මළගිය ඇත්තෝ -සමහර විට මිතුරෝත් -අහුමුලුවල ගේ දොරකඩ පිළිකණුවල දෙවට දිගේ හැන්දෑවේ නෑදෑයෝ ගෙවලයක්කු- මළ යක්කු මහසෝනා - බබා වඩාගත් මොහිණි- මදන මොහිනී- කළු කුමාරයා -ලස්සණයි-කවීන්ගේ සුන්දර බිහිසුණු ˎ විස්මිත ලෝ කයේ
වෛජයන්ත ප්‍රාසාදය - පරසනතු මල් කඩුපුලු මල් කො තරම් සුන්දර ද මනෝරාජික දෙවියන් බඹුන්
නන්ද හිමිටත් ජනපද කල්‍යාණිය එපා කළ
සුරඟනන් රූ රැසේ අඳිනා ලෙසේ
අමතක කර කාලිදාස ශේක්ෂ්පියර් තොටගමුවේ වෑත්තෑවෙ
ණයට නොගෙන ඔවුන්ගෙන් උපමා අලංකාර
පිරික්සමි පෙර පර දෙදිග මහකව් සොයා නැවුම් උපමා අලංකාර
පිරී ඇත්තේ ඒ සියල්ල ණයට ගත්-සොරාගත්- උපමා
නැත අලුත් කිසිවක්
අලංකාර නැතිˎ ස්වාභාවික කියමන් පිරි
කවි ලියමි
සිහිවෙයි එවිට පැරණි බමුණු ගුරු කියමනක්
‘ගතොස්ත මර්කො භාතින්දුර්
යාන්ති වාසාය පක්ෂිණහ්
ඉත්යෙවමාදි කිං කාව්‍යං
වාර්තාමෙනාං ප්‍රචක්ෂතෙ ‘
‘ ඉර අවරට ගියා
සඳ බබළයි
කුරුල්ලෝ පියාඹති. කැදලි සොයා
මේවාත් කවි ද?
වාර්තා කියන්නේ මේවාට’.