උපාලි වීරසිංහ

2022 මැයි කලාපය

කිරි වලින් අඳිනවිට උඹෙ රූපෙ බිත්තියේ තන පුඩුව වෙව්ලුවා දුක වැඩිව මගෙ හිතේ

ලස්සනයි මම් ගොඩක් අනේ මිස් ඉස්සර
පස්සෙමයි කොලු ගැටව් මතක
නෑ කොචිචර
සත්තමයි දන්නෙ මම් එකාගෙයි
විස්තර
ඔහු තමයි මම් මැරුවෙ
නොමරාම මෙච්චර
_______________________________

නැවතිලා මගෙ හිතත් ඒ සෙනෙ අද්දර
⁣ළංවුනා මහ හුගක් දන්නෙ මම්
විස්තර
⁣සිහිසුන්ව වැටිල මම් දිනක් අද්දර
මගෙ අම්ම බයවෙලා කිව්දේය දොස්තර
_______________________________

කිව්වාම ඔහුට මම් වෙලා බව ගැබ්බර
එක්කගෙන ගියානෙ දුර ගමක
පිටිසර
එතකොටයි දන්නෙ මම් එතන
වෙන විස්තර
දරුපැටව් මියෙනවා අඬුවලින් පොඩිකර
_______________________________

කිව්වාට බෑ කියා කෑ ගසා
කොචිචර
ගත්තානෙ ඇඳටමන් උන්
සැවොම හිරකර
ගැහුවාම ලඟ තිබුන
බෝතලෙන් විසිකර
වැටුනානෙ මියදිලා අඬුගත්තු දොස්තර
_______________________________

තිබ්බාට මං ඉතින් උළු ගෙදර
හිරකර
හැදුනානෙ පොඩි එකා උහුලමින් ගින්දර
වැදුවාට දින හතයි කිරි දුන්නෙ
ළංකර
දැම්මානෙ මේ ලෙසට කූඩුවට
සිරකර
_______________________________

දවසකට පැය දෙකක්ඇද්ද කිරි මගෙ පුතේ
උනන කිරි ගලනවා පහලටම
ළැම දිගේ
කිරි වලින් අඳින විට උඹෙ රූපෙ බිත්තියේ
තන පුඩුත් වෙව්ලුවා දුක වැඩිව
මගෙ හිතේ.........
View Poem