කියන් රෙබරෝසී.................
නුවර වැහි කෝඩයට
අහුවෙලා රිදුනාද
පෙති තැලී හැඬුවාද
කියන් රෙබරෝසී....
ප්‍රේම ගී වියැකී ද
බඹර සර ගොළුවුනෙ ද
වීදියේ තනිවුනි ද
නුඹත් රෙබරෝසී...
හන්තාන කිම නිහඬ
සන්තාන දුක උරුම
කඳුළු මහවැලියක්ද
අසන් රෙබරෝසී.....
හෙටත් හිරු පායන්න
තවත් මල් පුදින්න
සිනාවෙන් කඳුළු බිඳු
වසන් රෙබරෝසී....
ප්‍රේමයක හිස් බවින්
ජීව්තය අතැර නුඹ
බිම වැටී නොහඬන්න දේවී....
සත්තකට....,
ලස්සනම නුඹයි රෙබරෝසී.....
අහුවෙලා රිදුනාද
පෙති තැලී හැඬුවාද
කියන් රෙබරෝසී....
ප්‍රේම ගී වියැකී ද
බඹර සර ගොළුවුනෙ ද
වීදියේ තනිවුනි ද
නුඹත් රෙබරෝසී...
හන්තාන කිම නිහඬ
සන්තාන දුක උරුම
කඳුළු මහවැලියක්ද
අසන් රෙබරෝසී.....
හෙටත් හිරු පායන්න
තවත් මල් පුදින්න
සිනාවෙන් කඳුළු බිඳු
වසන් රෙබරෝසී....
ප්‍රේමයක හිස් බවින්
ජීව්තය අතැර නුඹ
බිම වැටී නොහඬන්න දේවී....
සත්තකට....,
ලස්සනම නුඹයි රෙබරෝසී.....