වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2024 ඔක්තෝබර් කලාපය

කාලගුණය යට

Under the weather

හිතක් නතර වූ දවසට අතරමග
කවක් පවා නෑලෙයි ඇති නිමිති ළඟ
තුඩක් පපුව හරහා යන ලෙසකි දිග
අතක් පයක් කැඩුණා සේ දැනෙයි මග

කෑව දෙයක් කනවා වෙනුවට පමණී
නෑව එකත් නොකරම බැරි කම ලෙසිනී
මාව මටම අල්ලන්නේ නැති බැවිනී
කාව උනත් රුස්සන්නේ නැත දැනුණී

කළුම කළු වලාකුළු විසිරී අවට
ලොවම ගිලී ඇත ළා අඳුරක දැවට
එකම තැනක නැවතුණු බරවුණු හිතට
කිසිම ලෙසක සැනසීමක් නෑ දැනට

Photo credit : Guillaume de Germain
View Poem