ක්ෂුද්‍ර වාංශික
දුරක් යන්නට සිතූ මොහොතක සැහැල්ලුව විඳ ඇවිදින
ටිකක් ඉන්නට දැනුන තැනකදි කැමති විදියට නවතින
මලක් අරලිය විඳින අභිමන නෙතක් සතුටින් පිනවන
පතොක් මලකට සදා අකැපයි කතර මැද්දක සුපිපුන
ඉඩක් ලැබුනම ගමක් යටකර ගලාගෙන යන ඉඳහිට
කුළක් දුටුවම අසිරි මව මව සොඳුරු රූ දෙන ඇසකට
ගඟක් පෙණපිඬු බුබුළු ඇඳ ඇඳ නමක් තියමින් ගැලුවට
ඇලක් මොනවා කරන්නද දෙනු මිසක හිමිකම ගඟකට
සදන සෙවනක් අතුපතර විද මහා තුරු හිස් ගොමුවක
පිපෙන රුව ඇති කුසුම් කැකුළක් රැඳෙන මුත් කෙස් කළඹක
ගැටෙන පායුග සිප වැළදිමුත් රැඳී නිල් තණ පලසක
කියනවද වන මලක් මිළ කළ තැනක් ලෝකේ කොතැනක
Photo Credit; Kalea Jerielle