වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2025 ජුනි කලාපය

කළු ආලේ

රතට සුදු වතකමල රෝස පාටින් දිලුණු
නිලට ළා නිල් සයුර අනන්තෙට දිගහැරුණු
කොළට කහ එක්වෙලා රන් තැඹිලි රස දැනුණු
කළුම කළු ආදරය තෙපුලකින් මට ලැබුණු

උරාගත නොවුණු සඳ සුදු වර්ණ මතුවෙනා
දරාගත් හැම තැනම කළුපාට ගැවසුණා
ඉරාගත් හදවතක කිරණ මග හැරවුණා
කළුපාට ආදරේ හැම වර්ණ ගැබ්වුණා

AnA
View Poem