කළුවර හීන
නිමිත්ත - "මං ඉස්කෝලෙ යද්දී මගෙ හීනෙ වුණේ ටීචර්කෙනෙක් වෙන එක. දැන් මං හීන දකින්නේ නෑ," - BBC පුවතකින්
හීන් කළුවර කකුළු පැටවුන් ඇවිත් මගෙ පොඩි ඇඟ කොනිත්තා
සට පටස් සට පටස් සද්දෙන් අමුතු අත්පුඩි ගහනවා
පුංචි බේබිගෙ පුංචි කලිසම හෝදලා වේළන්න යනකල්
තෙතබරිත මගෙ ඇස් අගිස්සෙන් අනෝරා වැහි වහිනවා
ටීචගේ සාරියේ හැඩ වැඩ දාලා සුපිපුණු පුංචි මල් අද
මලාණික වී පරවෙලා මහ පාරවල් ළඟ හැලෙනවා
ගසුත් දැන දැන ළදරු මල් පොඩි ගැබිනි පෙළහර පානු දැක දැක
අකුරු දෙදරා අකුණු පුපුරා සිහින සීකඩ දුවනවා
රෑට හීනෙන් මමත් ඇවිදින් සාරි පොට ගස්සමින් තාලෙට
පුංචි මල් මුකුළුවක තනිවී ආදරෙන් මඟ කියනවා
නැගිටපන් තෝ තාම නිදිදැයි සද්ද කරගෙන ඇදෙන ලෝදිය
රිදී ඉරි නැති කළු වළා මත දරුණු හෙණගෙඩි මවනවා
අඟුරු සිතුවම් අතර හිනැහෙන අන්ධකාරය ඇවිත් අසලට
තවත් කුසුමක් නසාලන්නට පෙති කරල් දිය කරනවා
හීන හීනම වන්නටම හැර කන්ද තරණය කරනු සඳහා
සිහින නොදැකම අඳුරු නිම්නෙක රහසේ ම මම ගිලෙනවා
ශ්‍රී ජයවර්ධනපුර සරසවිය