උපාලි වීරසිංහ

2022 අගෝස්තු කලාපය

කවුරුන්ද ඇහුවෙ නෑ ආදරේ වැඩිකමට

නුඹෙ අම්ම එනවිටත් මා එක්ක පොඩි පැලට
පුතු ඇවිත් තිබුනනේ කාගෙන්ද ඇගෙ කුසට
දුන්නමුත් උප්පැන්නෙ පියාණන් ලෙස නමට
කවුරුන්ද ඇහැවිවෙ නෑ ආදරේ වැඩි කමට..

ගියත් මම පාන්දර ගෙයින් පිටමන් බලා
දවස් ⁣දෙකතුන හිටියෙ ගමෙන් දුරකට වෙලා
අත්කකුල් වල නැගුනු කරගැටට නෙත් හෙලා
ටික කලක් යන විටදි ඇයම පිලිකුල් කලා

මම නිවසෙ නැති අතරෙ සලෙළු වෙක් පැමිණිලා
හැමදාම නිදි යහනෙ සිත් තොසින් සනසලා
ලඟ තිබුන සේසතම ඔහු අත්ලෙ රඳවලා
අනෙ පුතේ අපෙ සිහින නුඹෙ අම්ම බොඳකලා

දිනක් මා පැමිනෙද්දි රෑ ටිකක් බෝවෙලා
හුඟක් මහ සෙනග ගොස් හිටියෙ එහි පිරිලා
පොල් කඩල ගෙන දුන්නු තුටිටුවත් පුදාලා
නුඹෙ අම්ම රෙදි කඩින් බාල්කෙක එල්ලිලා

යන්නෙ උඹ ගෙයි දාල⁣ කොහොමදැයි සිතාපන්
ටික දොහක් තව ඉතින් දුක් කඳුලු දරාපන්
කිරි දීපු හැටි අමිම හීනෙනුත් බලාපන්
තව ටිකක් මගෙ පුතේ පොල් ගොඩෙි නිදාපන්.
View Poem