කවි පද බඳිව් බැඳි පෙම් මව් කිරට වගේ.. කවි සභාව මනසින් දකිමි
තෙරුවන් වැඳ ගතිමි මුලසුනෙ වැඩ ඉන්න
අවසර ගතිමි ඔබ සැමගෙන් මෙහි සිටින
කළ ඇරැයුමට අනුරට මල් පුද කරන
මම ආවෙමි අදත් රස කවි නැණ රැගෙන
හමු වෙමු කලා සුරුවන් අද කවි සබයේ
විමසමු කවිය ගැන සැකසුම හද කුටියේ
දැන ගමු ඔවුනගේ අද - උදහස් පිරියේ
“මුතු වෙමු එක” ට කවියට එයමයි සවියේ
වියකරණයට තැන දී පදවා “බස” ය
සරසවියකට කැ`දවයි පහදා “වෙස” ය
විහරණයට වුව ද සුව දෙයි “දස රස” ය
සසැඳුමකට නොවෙයි කවිකම “දෙස-රැස” ය
මුල පූරකය ගන්නට මත්තෙන් කවියේ
සුල-මුල කියයි සුරුවන් සිටි බැව් රසයේ
නිල-තල කිමැයි රසවත්කම මැයි පිටියේ
බල-තලවලට බැරි අද එතැනයි සබයේ
පැණි වරකාවටත් හෙණ නොගැසී වත් ද
කපුටන් කලු වුණත් සුදුවුන් ලොව නැත් ද
උඩුගම් බැරුව දඟ දැමුවන් කළ සද් ද
කව් රස නොදන්නෝ මේ සබයෙත් ඇද් ද
ලෝකයෙ සතර කොණ නොව මුළු අට බා ගේ
විසිරී සිටින කවි - කිවිඳියො මොර වා ගේ
එක්කන් ආමි අමුණා මගෙ බර බා ගේ
මී රස දැනෙන කවි පද කියුමට රා ගේ
වග - තුග සොයන විට “කවි" ලඳකට ඔබින
“දිවමන් බව” ද “කැරැවුම් හුරු ව” ද හැඳින
ඇති විට කතිකාව “උපමා-මෙය” මුදුන
“ඉ`ග-සු`ග පු`ඵලුකුල” මට ගත හැක මිටින
සිනිඳු ය දෙපය අතැ’ඟිලි දෙකොපුල් පිසිණ
වරලස රැළිය අක්බඹරුන්ගෙන් පිරුණ
නා දළු වැටී රත් පැහැ දෙතොලෙන් වරුණ
දිගු නෙත් නීල පබසර කරවයි මුහුණ
සියුමැළි ගත ය උස - තර- බර - සම ලෙසැ’තී
රසුදැල් හැඩ පැළැඳ පද “රස’කුරු” නැණැතී
කිව මැළි නොවී යුතු ම ය කවියක රුවැතී
කම විළි වැසුණ හොත් පමණි ය “ගුණ” නැමැතී
අඩ සඳ නළල් පට ළාමක රතට පෙනේ
ගිරවකු නැහැය මත හිඳ හොට නමනු පෙනේ
මුව රද දසන් පෙළ සුදු ගල් පොකුර ගෙනේ
සිනහව මඳ ව මත් වී දෙතොල’ගින් ගෙනේ
පද වැල් අමුණ- අමුණා රස වගුර මි නේ
නද වැල් වැතිර එයි හෙමිහිට එ කල තැ නේ
රස මල් නෙතින් වණ ගැල් වෙන කවිය අ නේ
තව පල් වෙමින් “කිළි මුට්ටියෙ” තියෙනු පෙ නේ
සඳ නිසැඳස ද සැහැලි ද ඈ වන් කවි ය
කිම, ඒ කිම වෙතැ ද ඇති නම් පිරි ගුණ ය
සිත තුළ අත පොවා ගෙන සිතුවිලි ගොස ය
රස කවි තනව් බැඳ පෙම් කවියට පිරි ය
2022.05.01
අවසර ගතිමි ඔබ සැමගෙන් මෙහි සිටින
කළ ඇරැයුමට අනුරට මල් පුද කරන
මම ආවෙමි අදත් රස කවි නැණ රැගෙන
හමු වෙමු කලා සුරුවන් අද කවි සබයේ
විමසමු කවිය ගැන සැකසුම හද කුටියේ
දැන ගමු ඔවුනගේ අද - උදහස් පිරියේ
“මුතු වෙමු එක” ට කවියට එයමයි සවියේ
වියකරණයට තැන දී පදවා “බස” ය
සරසවියකට කැ`දවයි පහදා “වෙස” ය
විහරණයට වුව ද සුව දෙයි “දස රස” ය
සසැඳුමකට නොවෙයි කවිකම “දෙස-රැස” ය
මුල පූරකය ගන්නට මත්තෙන් කවියේ
සුල-මුල කියයි සුරුවන් සිටි බැව් රසයේ
නිල-තල කිමැයි රසවත්කම මැයි පිටියේ
බල-තලවලට බැරි අද එතැනයි සබයේ
පැණි වරකාවටත් හෙණ නොගැසී වත් ද
කපුටන් කලු වුණත් සුදුවුන් ලොව නැත් ද
උඩුගම් බැරුව දඟ දැමුවන් කළ සද් ද
කව් රස නොදන්නෝ මේ සබයෙත් ඇද් ද
ලෝකයෙ සතර කොණ නොව මුළු අට බා ගේ
විසිරී සිටින කවි - කිවිඳියො මොර වා ගේ
එක්කන් ආමි අමුණා මගෙ බර බා ගේ
මී රස දැනෙන කවි පද කියුමට රා ගේ
වග - තුග සොයන විට “කවි" ලඳකට ඔබින
“දිවමන් බව” ද “කැරැවුම් හුරු ව” ද හැඳින
ඇති විට කතිකාව “උපමා-මෙය” මුදුන
“ඉ`ග-සු`ග පු`ඵලුකුල” මට ගත හැක මිටින
සිනිඳු ය දෙපය අතැ’ඟිලි දෙකොපුල් පිසිණ
වරලස රැළිය අක්බඹරුන්ගෙන් පිරුණ
නා දළු වැටී රත් පැහැ දෙතොලෙන් වරුණ
දිගු නෙත් නීල පබසර කරවයි මුහුණ
සියුමැළි ගත ය උස - තර- බර - සම ලෙසැ’තී
රසුදැල් හැඩ පැළැඳ පද “රස’කුරු” නැණැතී
කිව මැළි නොවී යුතු ම ය කවියක රුවැතී
කම විළි වැසුණ හොත් පමණි ය “ගුණ” නැමැතී
අඩ සඳ නළල් පට ළාමක රතට පෙනේ
ගිරවකු නැහැය මත හිඳ හොට නමනු පෙනේ
මුව රද දසන් පෙළ සුදු ගල් පොකුර ගෙනේ
සිනහව මඳ ව මත් වී දෙතොල’ගින් ගෙනේ
පද වැල් අමුණ- අමුණා රස වගුර මි නේ
නද වැල් වැතිර එයි හෙමිහිට එ කල තැ නේ
රස මල් නෙතින් වණ ගැල් වෙන කවිය අ නේ
තව පල් වෙමින් “කිළි මුට්ටියෙ” තියෙනු පෙ නේ
සඳ නිසැඳස ද සැහැලි ද ඈ වන් කවි ය
කිම, ඒ කිම වෙතැ ද ඇති නම් පිරි ගුණ ය
සිත තුළ අත පොවා ගෙන සිතුවිලි ගොස ය
රස කවි තනව් බැඳ පෙම් කවියට පිරි ය
2022.05.01