කවියාගේ බිරිඳ
එළිසම විරිත එළිවැට බැඳ සැදුණේය
අරුතැ'ති මහරු හැඟුමන් එළි දැකුණේය
කවි පද මියුරු එකිනෙක පළ ගැසුණේය
සිය පත රුවට පිපි හද විල දිලුණේය
විසිතුරු තරු එළිය සඳ හැර ගිය රෑක
සොඳුරුය ප්‍රේමයේ මැවු සිතුවම් නේක
යුවලක ඉසුරුමුණි නෙත ලඟ ඇඳි දාක
ඔහුමය කිවිඳු, ලද කවි ලොව අබිසේක
ලියැවුනි කුරුටු ගී විඳ පෙම් දිය දහර
පබැඳුනි රෑ දිවා මොහොතක් වී නතර
සැඟවුනි ඔහුගෙ හිත කරදහි පිටු අතර
තනි වුනි ඇය නොදැන කොහි ඇගෙ හද මදුර
දැවටෙයි ගතෙහි දවසක මෙහෙයක වෙහෙස
උරහිස කොහිද තබනට කකියන සිරස
පෑගෙයි පයට ලියැවුනු පෙම් කවි නොලස
බිරිඳයි ඔබෙ කිවිඳ, තනි වුනු මේ දිගැස
අරුතැ'ති මහරු හැඟුමන් එළි දැකුණේය
කවි පද මියුරු එකිනෙක පළ ගැසුණේය
සිය පත රුවට පිපි හද විල දිලුණේය
විසිතුරු තරු එළිය සඳ හැර ගිය රෑක
සොඳුරුය ප්‍රේමයේ මැවු සිතුවම් නේක
යුවලක ඉසුරුමුණි නෙත ලඟ ඇඳි දාක
ඔහුමය කිවිඳු, ලද කවි ලොව අබිසේක
ලියැවුනි කුරුටු ගී විඳ පෙම් දිය දහර
පබැඳුනි රෑ දිවා මොහොතක් වී නතර
සැඟවුනි ඔහුගෙ හිත කරදහි පිටු අතර
තනි වුනි ඇය නොදැන කොහි ඇගෙ හද මදුර
දැවටෙයි ගතෙහි දවසක මෙහෙයක වෙහෙස
උරහිස කොහිද තබනට කකියන සිරස
පෑගෙයි පයට ලියැවුනු පෙම් කවි නොලස
බිරිඳයි ඔබෙ කිවිඳ, තනි වුනු මේ දිගැස