සුධර්මා වීරක්කොඩි

2024 ඔක්තෝබර් කලාපය

කවක් වූ නුඹ..

නොනිමි අදුරක රදවලා
තරුවක්ව අහසේ නිවා
නොදැනෙනා එලියක් වෙලා
සොදුරියේ ඔබ සැගවුනා...

ලියූ ගීපද තනි වෙලා
තනුව නොමැතිව ගැයෙනවා
කදුලු වැස්සක දැවෙනවා
වළාකුලු සරදම් කළා

සුසුම් පැදුරක හිත එළා
සුවද පහනක දල්වලා
බවය අතහැර ඔබ ගියා
යළි නොඑන බව දන්වලා


25/09/24

Photo credit; Muhmed Alaa El-Bank
View Poem