පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2024 ඔක්තෝබර් කලාපය

කම්පන තරංග

විටින් විට ආකාසෙ හඬමින්
වහින්නට සැරසුණා මතකයි
කඩින් කඩ වට කුඩා දිය බිඳු
පවා මොහොතක් දෙකක් නිහඬයි...

බිඳෙන් බිඳ පිරි මහා ගඟුලක්
ගලන්නට අනතුරක් අඟවයි
තැනින් තැන වූ ගුප්ත හඬකින්
දේදුන්න කෝ කියා විමසයි...

දිනෙන් දින පායමින් තිබුණද
අතුරුදන් වී යනවා නිසැකයි
ආකාසෙ නම් ආදරය මෙනි
අධික කම්පන කවුළු සහිතයි!

Photo Credit: Christian Lue
View Poem