කමළිනී
මුතු දසන් යන්තමින් පෙනෙන මඳ සිනාවේ
සෙමෙන් සැලෙනා නිතඹ, ගමන හා ලතාවේ
සිත පෙමින් පිරි මදින, නෙත ඇඳෙන කතාවේ
කමළිනී දෙවඟනකි, මහද තව්තිසාවේ
කිකිනි බැඳි නූපරේ හැඬවෙනා රටාවේ
පිච්ච් මල් කැකුළු හිස, සුළඟ සිප මුවාවේ
කොකුම් තිලකයට සඳ පරදිනා වෙලාවේ
නුඹ එක්ක මගේ සිත දුර ගමන් ගියාවේ
සංහිඳේ යාතිකා හඬ ඇසෙන නිශාවේ
කමළිනී නුඹෙ දසුන තල් වැටෙන් නිමාවේ
මෝදුවෙන පෙම් හැඟුම් විඳිමි හුදකලාවේ
ගිනි බිඳින හදවතට වසන්තය පමාවේ
සෙමෙන් සැලෙනා නිතඹ, ගමන හා ලතාවේ
සිත පෙමින් පිරි මදින, නෙත ඇඳෙන කතාවේ
කමළිනී දෙවඟනකි, මහද තව්තිසාවේ
කිකිනි බැඳි නූපරේ හැඬවෙනා රටාවේ
පිච්ච් මල් කැකුළු හිස, සුළඟ සිප මුවාවේ
කොකුම් තිලකයට සඳ පරදිනා වෙලාවේ
නුඹ එක්ක මගේ සිත දුර ගමන් ගියාවේ
සංහිඳේ යාතිකා හඬ ඇසෙන නිශාවේ
කමළිනී නුඹෙ දසුන තල් වැටෙන් නිමාවේ
මෝදුවෙන පෙම් හැඟුම් විඳිමි හුදකලාවේ
ගිනි බිඳින හදවතට වසන්තය පමාවේ