කපිල කුමාර කෙටි කවි
ඇමතුමක් හා සුසුමක් |
පටු මාවත අස
බස් නැවතුමේ
නිතර රැඳෙන
රත් පැහැති
කෙටි ගවුම හැඳි
කෙසඟ තරුණියට
දුරකථන ඇමතුමක්
ඈ හෙළයි,
දිගු සුසුමක්
සවන් දුන් සැනින්
අතීත මතක |
ඇති තරම් සිනාසුණු
අතීතය
යළි සිහිවනා විට
හැකිය ඇති තරම්
හඬන්නට
ගොදුර |
අඳුරු අහස් කුස
පියා සළයි
දුඹුරු පැහැ උකුස්සෙක්
තියුණු ඇසින්
සොයමින් ගොදුරක්
වැස්සට පෙර
කැඳැල්ලට යනු රිසින්.
ගොදුරු සොයති
ගොදුරු
එ මොහොත
පහළ-පොළොවෙහි
Photo Credit;Jeremy Hynes
පටු මාවත අස
බස් නැවතුමේ
නිතර රැඳෙන
රත් පැහැති
කෙටි ගවුම හැඳි
කෙසඟ තරුණියට
දුරකථන ඇමතුමක්
ඈ හෙළයි,
දිගු සුසුමක්
සවන් දුන් සැනින්
අතීත මතක |
ඇති තරම් සිනාසුණු
අතීතය
යළි සිහිවනා විට
හැකිය ඇති තරම්
හඬන්නට
ගොදුර |
අඳුරු අහස් කුස
පියා සළයි
දුඹුරු පැහැ උකුස්සෙක්
තියුණු ඇසින්
සොයමින් ගොදුරක්
වැස්සට පෙර
කැඳැල්ලට යනු රිසින්.
ගොදුරු සොයති
ගොදුරු
එ මොහොත
පහළ-පොළොවෙහි
Photo Credit;Jeremy Hynes