කදා වළලු
බහ තෝරන තම බලිඳා සිහි කර
හඬමින් සුසුම් හෙළමින් පවසා සිටින
අතිශය අනුවේදනීය කතා පුවතින්
මා මහත් ලෙස සංවේගයට පත් වුනෙමි
කදා වළලු විකුණා අද දින ලද යමක්
මෑනියන්හට පින් පිණිස දෙමැයි සිතු විගස
මුදල් පසුම්බිය මා අතින් උදුර ගෙන
හාවෙකු මෙන් පැන දුවන මැය කවුද
×××
මං පහරන්නියක් අවට සැරිසරන බවක්
මිතුරන් රහසින් කොඳුරන ව්ලසින්
ගොම්මනේ මට හමු වුනේ කවුරුදැයි
හිරු පායන විලස එක් වරම වැටහින
ඒ මවහට ගිලන් වූ දරුවෙක් සිටීදැයි
මනසට වද දුන් කාරණාවක් වුවද
එය ගොතන ලද මුසාවකැයි පසක් වූ සැන
යම් සතුටක් සොම්නසක් ජනිත වනු දැනේ
17.05.2025
හඬමින් සුසුම් හෙළමින් පවසා සිටින
අතිශය අනුවේදනීය කතා පුවතින්
මා මහත් ලෙස සංවේගයට පත් වුනෙමි
කදා වළලු විකුණා අද දින ලද යමක්
මෑනියන්හට පින් පිණිස දෙමැයි සිතු විගස
මුදල් පසුම්බිය මා අතින් උදුර ගෙන
හාවෙකු මෙන් පැන දුවන මැය කවුද
×××
මං පහරන්නියක් අවට සැරිසරන බවක්
මිතුරන් රහසින් කොඳුරන ව්ලසින්
ගොම්මනේ මට හමු වුනේ කවුරුදැයි
හිරු පායන විලස එක් වරම වැටහින
ඒ මවහට ගිලන් වූ දරුවෙක් සිටීදැයි
මනසට වද දුන් කාරණාවක් වුවද
එය ගොතන ලද මුසාවකැයි පසක් වූ සැන
යම් සතුටක් සොම්නසක් ජනිත වනු දැනේ
17.05.2025