මුදිතා ඩයස් කොට්ටාව

2025 මැයි කලාපය

කඩා වැටුණු හදවතක්

බොහෝ දුර ආවෙමු
ශේෂ වුනු ප්‍රේමයක්
ඉතිරිවී නැති වග දනිමි
ඉදින් ප්‍රේමය...

පණට සමකල ආලය
හුස්ම දුන් ප්‍රේමය
අතුරුදන් වූ අරුමය
සිහිනයක් දැයි නොඅසමි

නුඹේ මුවින් පිටවූ
මිතුරුකමේ හාදකම
අද මගේ පපුව
නතර කලවග කියමි..

රැවටුවාදැයි නොදනිමි
රැවටුනායැයි නොකියමි
සිදුවු දෙය නොදනිමි
මංමුලා වී බලා හිදිමි

කඩා වැටුණු හදවතක්
ඉරිතැලුම් මහ හුගක්
හුදකලාව උරුමයක්
නුඹෙන් ලද තිලිණයක්
View Poem