තේජා රාජපක්ෂ ෂිආන් චීනය

2025 ජුනි කලාපය

ඔවුහු මෙසේ පොසොන් සැමරූහ....

මිස්සක පව්ව නැග
මිග රැල සොයා ගොස්
දුව පැන හතිලා වෙහෙසව
රථය නවතා මග කොනක
කෙළි කවට සිනා මැද
රිසිසේ විඳින්නට දන්සැල් බත
ගෙවයි පෝලිමක වරුවක්

සාගිනි පැළැදි දුගී පැලකට
දන්හලක උණු බතක රස
පින් පිරූ දිනක හෝ ලබන්නට
නොතබමින් ඉඩ හසර..

මිසදිටු දනන් දහමින්
පණ පොවා යහමින්
නෙක කලා දායාද කොටදී
මහරු ශිෂ්ටාචාරයක ඇරඹුම
සැමරුවා ඔවුහු
මහත් සතොසින් මෙසේ...
View Poem