ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2024 අගෝස්තු කලාපය

ඔබ

අඳුරු ලොව තුළ ගිලුණු හදවත ස්නේහයෙන් පුරවා

සොඳුරු පෙමකට අන්ධ වී ගිය දෙනෙත් යළි ඇරවා

යටිකුරුව තිබු ප්‍රේම බඳුනක් උඩුකුරුව හරවා

වැසී ගිය ආදරේ නිවහන පියන් පත් හැරදා



ගිලන් වූ හදවතට පණ දී දයාවෙන් පුරවා

සිතේ සැනසුම සතුට සෙනෙහස නිබඳවම පෙන්වා

නවමු හැඟුමෙන් වෙලා සියොළඟ ප්‍රේමයෙන් පුබුදා

යළිත් මට ජීවිතය ගෙනදුන් ඔබ ය ඔබමය මා



නිසල බව සිඳ හමන මඳ නල සුවඳ හා මුසුවී

පෙළුණු ගත සිත නිවා සරතැස වැළඳ උණුසුම දී

දෙහද එක්වී සිහින ලොව තුළ එකම හදවත වී

වලා පෙළ සිප වැළඳ පුන්සඳ ලොවම අමතක වී

Photo credit ; freestocks
View Poem