ඔබ එන්න
මා තැනූ හැඩතලය මත
පහසුවෙන් හිද
හුදෙකලා වියපත් සිත
රැගෙන දෝතින් තුරුළට
මගේ හිස් බව නැසුමට
කවි ලියයි නුඹ මට
නුඹේ පදරුත්
විමසමි එකින් එක
තෝරා ගම් ඉන්
මට හිමි තැන
දොර කවුළු හැර තබමි
ඔබ එන්න
කවි පොත ද ගී පොත ද
සියලු දේ රැගෙන
නැවත ඔබ යද්දී
අමතක නොකර
මවිගුණ එකින් එක පසක් කොට
ලියූ කවියක් පමණක්ම
මට දී යන්න
පැණිහෙල වේවැල්දෙනිය
පහසුවෙන් හිද
හුදෙකලා වියපත් සිත
රැගෙන දෝතින් තුරුළට
මගේ හිස් බව නැසුමට
කවි ලියයි නුඹ මට
නුඹේ පදරුත්
විමසමි එකින් එක
තෝරා ගම් ඉන්
මට හිමි තැන
දොර කවුළු හැර තබමි
ඔබ එන්න
කවි පොත ද ගී පොත ද
සියලු දේ රැගෙන
නැවත ඔබ යද්දී
අමතක නොකර
මවිගුණ එකින් එක පසක් කොට
ලියූ කවියක් පමණක්ම
මට දී යන්න
පැණිහෙල වේවැල්දෙනිය