නයනශාන්ති දිසානායක

2025 ජුලි කලාපය

ඔබමය, තරුරැස, මඟ කියු , මිහිරේ

හදවත, පවුරේ, සිතුවම්, ගැන්වූ
හුරුවක, සසරේ, සුවඳින්, මත්වූ
සඳවත, සොඳුරේ, ඔබ මා, එක්වූ
රන්රස, ඉතිරේ, දෙහදේ, මුහුවූ

දිවිමඟ, සයුරේ, සරණා, අදුරේ
නැව්පති, ඔබ වේ, මා දිවි, ගැඹරේ
දාහය, ගෙනෙනා, සැඩ රළ, අතරේ
ඔබමය, තරුරැස, මඟ කියු , මිහිරේ

පියුමක, වෙළෙනා, සනහස, මඳනළ
සුසුමක, ඔබ අස, සරතැස, දුරුකල
දිවියක, ලබනා, සුවහස, මනකල
උදයක, විලසින, සිහිලස, මිහිතල
View Poem