පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

ඒරියා 51

විශ්වයේ කෙළවරක
ඔහේ පාවී තිබෙන
ලෝක අතරින් පැවති
එකම එක ලෝකයක්...

පිය වදන් තෙපලනා
ස්වේත වර්ණය හඳින
ගෙල වටේ මල් පැළඳි
අමුතු මිනිසුන් කැලක්...

දිවා රෑ බණ අසන
ඒ වදන් පිළිපදින
ජීවියක් නොමරණා
හරි පුදුම ජාතියක් ...

රටවලට බෙදී නෑ
නායකයෙකුත් නෑ
ජාතිවාදයක් නෑ
ආගම් ද බෙදී නෑ....

වෛරය දන්නෙ නෑ
දුක කියා දෙයක් නෑ
සතුට සැනසුම මිසක
වෙන දෙයක් එතැන නෑ...

රූප ශ්‍රීයෙන් සුසැඳි
අමරණීය ව වසති
කෑම බීමට වඩා
භාවනා යෝග වෙත්...

නම් ගම් ද වෙනුවට
වෙනම සටහන් ඇති
ලද දෙයින් සතුටු වන
අරුමැතිම ලෝකයක්...

සත්‍යාවබෝධයෙන්
මරු පරාජය කරන්
තම සිතම ලෝකයම
ජය ගත්ත ජාතියක්

හෙට එනවා ඒ ලොවෙන්
එක් අයෙක් මේ ලොවට
මගේ වැඩ බිම වනා
ඒරියා 51 තුළට...

ඔහු සමඟ එහි යන්න
ඇතිලු තව ඉඩ දෙකක්
මම යනවා මැදියමේ
උඹත් එනවද යන්න අපි එක්ක...?
View Poem