බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

2024 අගෝස්තු කලාපය

එහෙව් අය

තිබුණත් රුවින් උන් ළඟ
මහ පොෂ් ගතිය
කැකෑරෙයි වටවල තේ හැළියක්
හිත් කොනක
වැඩ වැඩි නිසා කට කොනකින්
හිනාවෙන හරිය
ටිකට් නැතිව පෙන්වන
බහුරූ කෝලම් වැනිය...

කලට වෙලාවට පදමට රසට
ලොකු පුටුවලට බෙදනා
රස පැණි ගුළිය
අරයාගේ මෙයාගේ කතන්දර
එක පෙළට
අනේ කොහොම මතකද
ඔච්චර හොඳට...

උන් විතරයි හොඳම
අනිත් උන් ඕපපාතිකය
උන් විතරයි දන්නේ
අනිත් උන් මැටිගුලිය
අඩු කළ උන්ය අහු මුලුවල
කියවන කටවල්ය
විලි සංගයක් නැතිව දඟලති
බාලයින් ලෙස...


2024/07/06
View Poem