වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2025 මැයි කලාපය

එහෙම දවසක මෙහෙම ලිව්වා

මාලඟට හිමින් ආ රෝගි බිරිඳගෙ සැමිය
ලෙඩාගෙ වග අහයි මමත් කී දේ හරිය
තුණ්ඩුවක ලියා දී බෙහෙත් වල මදි හරිය
දිනක් දුන්නා කියා අදට තිබුනොත් ඇතිය

දින දෙකක් ගතවුනා යමක් ඇත මග හැරුණු
බෙහෙතක නම ලියපු කොලයකිය අත ඉරුණු
මම නියම කල බෙහෙත අපරාධයකි දරුණු
මොකට බෙහෙතක නමක් සාක්කුවකට ඉරුණු

AnA 4/2025
View Poem