එරබදුත් පිපී නෑ
එරබදුත් පිපී නෑ
කජු අඹත් ඉදී නෑ
බක් මහේ නැකැත් ගෙන
ටෙලිවිෂන් ඇවිල්ලා
පැණි වරක සුවඳ නෑ
මුං කැවුම් ලිපේ නෑ
බක් මහට කඳ අරන්
ටෙලිවිෂන් ඇවිල්ලා
මල් ගවුම් ගතට නෑ
නැවුම් සළු පොටක් නෑ
කුමර කුමරියො සොයන
ටෙලිවිෂන් ඇවිල්ලා
කොහා ගී කිව්වෙ නෑ
රබන් පද ගමේ නැ
නැවුම් හැලි වළං ගෙන
ටෙලිවිෂන් ඇවිල්ලා
කඹ අදී වෙර යොදා
දෙපැත්තක හති දදා
ලිස්සනා ගහ උඩින්
ටෙලිවිෂන් ඇවිල්ලා
බත බුලත හෙල සිරිත
හිරු මගුලෙ පුරාවත
ගිරව්න්ගෙ දොඩමළුව
ටෙලිවිෂන් ගෙනැල්ලා
Photo Credit; The Sunday Times
කජු අඹත් ඉදී නෑ
බක් මහේ නැකැත් ගෙන
ටෙලිවිෂන් ඇවිල්ලා
පැණි වරක සුවඳ නෑ
මුං කැවුම් ලිපේ නෑ
බක් මහට කඳ අරන්
ටෙලිවිෂන් ඇවිල්ලා
මල් ගවුම් ගතට නෑ
නැවුම් සළු පොටක් නෑ
කුමර කුමරියො සොයන
ටෙලිවිෂන් ඇවිල්ලා
කොහා ගී කිව්වෙ නෑ
රබන් පද ගමේ නැ
නැවුම් හැලි වළං ගෙන
ටෙලිවිෂන් ඇවිල්ලා
කඹ අදී වෙර යොදා
දෙපැත්තක හති දදා
ලිස්සනා ගහ උඩින්
ටෙලිවිෂන් ඇවිල්ලා
බත බුලත හෙල සිරිත
හිරු මගුලෙ පුරාවත
ගිරව්න්ගෙ දොඩමළුව
ටෙලිවිෂන් ගෙනැල්ලා
Photo Credit; The Sunday Times