නයනශාන්ති දිසානායක

2024 ඔක්තෝබර් කලාපය

එතෙර වූ ජන්න ... ඔබ නිවෙනු මැන..

ඇසළ සඳේ රැස් පීරා හැලෙන රැයේ
කිඹුල්වතම සැනකෙළි සිරි දැරූ රැයේ
රහල් කුමරු උඩු මහලේ නිදන රැයේ
ම'හිමි කුමරු අණ ලද නික්මුණා රැයේ

ලේන කුලේ සිට ආ බිම්බා දේවීය පෙම්මා
නෑර බෝසතුන් බුදු වී එන තෙක් උන්නා
කන්ථක ලය පැළුණි උහුලණු බැරි සංකා
මඟ නෙත් රැන්දු මා ගැන නැති දෝ කම්පා

හීන කුලය උව නොව බැඳි සෙනෙහස හීනී
කැප කර හීන හැම දැරුවෙමි ඉසි දාසි
ඇතැර ගන්නට බැරි උන සසරම නොනිමි
ම'හිමි මංමුලාවෙන් මුදවනු මැන බුදු රජුනි

ලද දරු පෙමින් හද පිරවූ ඔලඟු බර
දරා හිදිමි ඔබ ගෙන් ලද සෙනේ ගඟ
කෙලෙස මිදෙනු මා මේ බැම්මෙන් තිමිර
නිවෙනන් නිවී සැනසෙනු මැන ම'හිමි සඳ

බුදු වෙන බවේ ඔබ සිදුහත් කුමරු කෙරේ
කැපවී උපන පෙර ජාතිත් පැතූ ලෙසේ
සංසාරය ම එතෙරෙ වන්න යන පාරේ
බෝ කටු ඉපල් විය මාගේ පැල මානේ

ගැහැණුන් වේද කිකලක වුව ලොව නිතිනි
දරනුය මහ මෙරක් තරමට ගිනි හිස මතිනි
නිවනට මං තනා දී තම කල් ඇර හිනැහී
ගෙදරට බුදුන් වී සැනහුණි නොනිවී තනිවී

නයනශාන්ති දිසානායක
View Poem