වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2025 පෙබරවාරි කලාපය

එක අම්මෙක් හොඳටම මදි

බදාගෙන වගේ හිත සිරකර සිටින
සදාතන තනිය ඒ ලෙසමය දැනෙන
සදා සොඳුරු මතකය ඔබ හා ගෙවුණ
එදා වගේ තාමත් එහෙමයි මවුන

කඳුළුය දෑස් වල නිරතුරුවම පෙඟෙන
අඳුරුය සෑමතැන සතුටක් නෑ පෙනෙන
කඳු හෙල් මැදින් යන රුදු ජීවිත ගමන
සොඳුරුම රුව ඔබයි නිති හද පිරිමදින

අප කැණිමඬල යට වූ පීඩන හෙයින
බැරිවුණි ඇතැම් දා සනසන්නට පෙමින
පරවුණි හිතා ගන්නටවත් බැරි ලෙසින
කිම තනි මවක් පමණක් හිමිවෙන කරුණ
View Poem