චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2024 නොවැම්බර් කලාපය

උභතෝකෝටිකය.

වංගු පාරක
හන්දියට පැමිණියෙමි
අනන්තයි සිතිවිලි
අනන්තයි ප්‍රාර්ථනා
සුන්දරයි ලියැවෙන කවි
බෙදුම් රේඛා නැත
සාධාරණයි
සම බිමයි හෙට දින

ඉද්ද ගැසුවා වැනි
කොන්ද නොනැමෙන
සාම්ප්‍රදායික සුළඟට
දැලි රැවුළ මතුවුණ මුහුණ
විටෙක වධයක්
විටෙක හැඩයක්
වෙන්ට ගත්තා පමණි
දිලෙන දෑසින්
සොයන පෙර මඟ
යෞවනයා වෙමි

හරස් පාරෙන්
සුසුදු හසඟනක
මතු වෙයි

මේ යෞවනේ
සිහින දෙව් දුව නොවෙ ද
දෑස අභියස ප්‍රාදුර්භූත
බදා ගන්නෙමි ඇය
මගේ පපුවට හිර කර
තබා ගන්නෙමි ඇය
මවෙත සදහට
බෙදා ගන්නෙමි
සුවඳ ජීවන කුසුම
උතුරා ගලා යන
ප්‍රහර්ෂය ඇය සමඟ
බෙදා ගනිමින්
අප සිරුරු අප සමඟ

අහෝ කවරනම් සොඳුරු
සිහිනයක් ද.

Don't disturb
please don't wake me up
I need this dream
for ever

කටු කොහොල් මාවත
දුෂ්කරයි ගමන
බිඳුන සිහිනෙට
නෙක අවලාද මැසිවිලි
දිව රෑ
ගිල දමමි නෑසූ කණින්

Angel is kicking me to
wake up to the reality

හප හපා දමන කාලය
දමමි කාල යකුගේ
අයා ගත් මුව පතුළට

කල් ඉකුත් වූ
පෙම් යුවලක්
දෑස් යොමු කර සිටිති
සිතිජය වෙත

Imminent end is getting closer

යන්ටට යමි මම මුළින්
ඇය කියයි
නිදහසනේ
ඉන්නෙ ම බලාගෙන

සංසාරයේ අවසන් ම
හමුව ද මේ
හමුවන්න බැරි ද අපට
තවත් යෞවනයක
සංසාරෙ වෙන කොතන හරි
යොවුන් නිද්‍රාවක
නුරා සුවයෙන් මත් වී
ඉන්නට
රණ්ඩු වී නොදොඩා ඉන්න
ඇණුම් පද කඳුළු මුසු කර
යාළු වෙන්නට

කෙළෙස උසුලන්නද
දුක සැප අනාගෙන
එකට වළඳන ඇය
කලින් යන බව කියන විට
අවසන් ගමන් යන
ඇගේ දෙන පසු පස
ගොස් බලමි
මනසින්
පෙර හුරුවට

එහෙත් පා එරී යයි
හිටි පියවර

නොකළ හැකි එය මට
මම යමි මුළින්
මම කියමි

වග වලස් සරණා
රුදුරු වන පෙත
කවර පිළිසරණක් වෙ ද
නුඹට
මගෙන් තොර ලෝකයක

නොදත් කළ ගුණ
පවිටෙක් වෙම් ද කෙලෙසක
ණය ගැති නොවෙ ද මම්
බෙදා ගත් හැම
සොඳුරු මොහොතට ම
සියුම් පිහි තුඩු අමතක කර

උභතෝ කෝටිකය
පෙලයි මා දිව රෑ
මිියෙම් වා
රැකෙම් වා

සංසාරයේ තව කොතන හරි
View Poem