උදා වූ වසන්තය
පුංචි මල් රේණු කැට හෙමි හෙමින් සැලෙන්නේ
මද නලේ සිසිලසින් සතුටු සිත් මවන්නේ
තැනින් තැන පා වෙලා අලුත් මං සොයන්නේ
නවම් වූ වසන්තෙහි නෑදෑ කම් හදන්නේ
විහග නැලවිලි ගීත ගුවනතේ තවරලා
කෝඩු මා පිය යුවල යසෝ රා නංවලා
එලි දකින මංගල්ලෙ සුබ නැකත බලාලා
සුහද ඇරයුම් පතක් තුරු හිසේ පලදලා
තුරු හිමි බදා ගත් සුකුමල වැල පේවී
අතොරක් නැතුව තම වගතුග පවසාවී
ගන නිල් සළුව පොරවාගත් මිහිරාවී
තැන තැන සොදුරු සිතුවම් මතුකර යාවී
කලකින් මුණ ගැසුන තණපත හා තුෂරී
ලෙන්ගතු කතා බහ කන අම බිදු මිහිරී
අනුනගේ දොසම සොයමින් යන වන බබරී
මේ සංවාදේ සුල මුල හැම තුඩ තැවරී
දබ රන් පහන් සිළුවේ ආලෝක කැලුම්
තැවරේ විසල් මිහිමත නං පැහැති කුසුම්
පරයන සුරගනා ලියනගෙ අනග බැලුම්
නල වැද තාලයට පැද්දෙයි පිපුණු පියුම්
Photo Credit; Thomas Underwood
මද නලේ සිසිලසින් සතුටු සිත් මවන්නේ
තැනින් තැන පා වෙලා අලුත් මං සොයන්නේ
නවම් වූ වසන්තෙහි නෑදෑ කම් හදන්නේ
විහග නැලවිලි ගීත ගුවනතේ තවරලා
කෝඩු මා පිය යුවල යසෝ රා නංවලා
එලි දකින මංගල්ලෙ සුබ නැකත බලාලා
සුහද ඇරයුම් පතක් තුරු හිසේ පලදලා
තුරු හිමි බදා ගත් සුකුමල වැල පේවී
අතොරක් නැතුව තම වගතුග පවසාවී
ගන නිල් සළුව පොරවාගත් මිහිරාවී
තැන තැන සොදුරු සිතුවම් මතුකර යාවී
කලකින් මුණ ගැසුන තණපත හා තුෂරී
ලෙන්ගතු කතා බහ කන අම බිදු මිහිරී
අනුනගේ දොසම සොයමින් යන වන බබරී
මේ සංවාදේ සුල මුල හැම තුඩ තැවරී
දබ රන් පහන් සිළුවේ ආලෝක කැලුම්
තැවරේ විසල් මිහිමත නං පැහැති කුසුම්
පරයන සුරගනා ලියනගෙ අනග බැලුම්
නල වැද තාලයට පැද්දෙයි පිපුණු පියුම්
Photo Credit; Thomas Underwood