ඊයේ අද සහ හෙට ජිවිතය.
උසුලා ගන්නට බැහැ තව තව බර
ගමන් විඩාවේ දුර දැනිලා
විඩාව දැනෙනවා ඇවිදින පයදුර
වියපත් වී තනිකම දැනිලා.
නොසිතු දුක් පීඩා විදි මොහොතේ
එදා මෙදාතුර ගැන හිතිලා
දොරකඩ මතකය හිත ළඟ ඉපදී
මාත් එක්ක අද යළි බැදිලා.
ඉස්සර අහසෙම සඳ පායනවිට
සුපුරුදු ලෙස සදරැස් වැටිලා
අඩි මග ඇවිදින සඳරැස් මිහිරට
මාත් එක්ක මගෙ හිත බැදිලා.
පුංචි දෙපා මගෙ වැලි පාරෙන් ගිය
අතීත මතකය යළි දැනිලා
ගම් බිම් හිත බැදි ඇවිද්ද පයදුර
ආයෙත් දොරකඩ ළඟ රැදිලා.
ගමන් විඩාවේ දුර දැනිලා
විඩාව දැනෙනවා ඇවිදින පයදුර
වියපත් වී තනිකම දැනිලා.
නොසිතු දුක් පීඩා විදි මොහොතේ
එදා මෙදාතුර ගැන හිතිලා
දොරකඩ මතකය හිත ළඟ ඉපදී
මාත් එක්ක අද යළි බැදිලා.
ඉස්සර අහසෙම සඳ පායනවිට
සුපුරුදු ලෙස සදරැස් වැටිලා
අඩි මග ඇවිදින සඳරැස් මිහිරට
මාත් එක්ක මගෙ හිත බැදිලා.
පුංචි දෙපා මගෙ වැලි පාරෙන් ගිය
අතීත මතකය යළි දැනිලා
ගම් බිම් හිත බැදි ඇවිද්ද පයදුර
ආයෙත් දොරකඩ ළඟ රැදිලා.