සුධර්මා වීරක්කොඩි

2025 මැයි කලාපය

ඈ කවුද? නොවෙනස්ද?

සරණ සරනා ගෙත්තමක් වී
මහා පිවිතුරු සිත්තමක් වී
ජලධරය වී මේඝ රැදවී
අසෙනි වැසි ලඟ සොදුරු ධරවී...

වර්ණ දැල්වෙන සැදෑ සළුවී
ධවල පෙළ මැද නීල දුරුවී
රාත්‍රි තරුපේලී කැදවී
ඉදුවරට පද රැදෙන ගී වී

සෙනෙහසට නිරතුරුව සබැදී
අමාවක සදු සගව ගන්නී
දූල් සලුපිළි පැළද ඉන්නී
සුරමගය නුබ සදා දෙන්නී....

ඈ අහස ...
මා පොලොව
මුදු බැදුම
නොවෙනස්‍ ය!
View Poem