ඈතට යමි......
නිල් අහසේ පාවෙනා කිරි සුදු වලා කැටියේ
හිතයි මට දැවෙටෙන්න නුඹ ළඟම
රුදුරු වෙස්ගත් දනන් හිඳිනා
මහ පොළොව දුරයි මට
එතකොට...........
කෙසඟ මා වතට අන්දවා
නෙක විසිතුරු සළු පිළි
අරුමෝසම්
බරයි මා ගතට මෙන් සිතට
සුදෝ සුදු වලා රොදේ
ගනු මැනේ මා ඔබේ
ඔය සුමුදු තුරුලට.......
වලා අතරේ සැඟවෙමින්
ඉහළටම ඇදෙනා මා දැක
දරු කැල පහළ සතුටින්
අත්පොලසන් දෙන කල
දෑස කඳුලෙන් පිරෙයි නොදැනීම
නූල කැඩී වූවොත් විපත
හිමි මට යළි මහ පොළොවම ........
හිතයි මට දැවෙටෙන්න නුඹ ළඟම
රුදුරු වෙස්ගත් දනන් හිඳිනා
මහ පොළොව දුරයි මට
එතකොට...........
කෙසඟ මා වතට අන්දවා
නෙක විසිතුරු සළු පිළි
අරුමෝසම්
බරයි මා ගතට මෙන් සිතට
සුදෝ සුදු වලා රොදේ
ගනු මැනේ මා ඔබේ
ඔය සුමුදු තුරුලට.......
වලා අතරේ සැඟවෙමින්
ඉහළටම ඇදෙනා මා දැක
දරු කැල පහළ සතුටින්
අත්පොලසන් දෙන කල
දෑස කඳුලෙන් පිරෙයි නොදැනීම
නූල කැඩී වූවොත් විපත
හිමි මට යළි මහ පොළොවම ........